සුවය ලැබු දරුවන්

No videos available.

වෙද මහතාගේ අවවාදය

වෙද මහතාගේ අවවාදය

රසායනිකත්වයෙන් තොර ස්වභාවික ජීවිතයක් ගත කිරීම විශ්වය තුළ සැරිසරන සියලුම දෙනාගේම ඒකායන පැතුම විය යුතුය. එමගින් ඔබගේ කය නීරෝගිව තබා ගැනීම තුළ ඔබගේ මනස බුද්ධිය වගේම ඔබ ඒකරාශී කරගන්නා දැනුම පද්ධතීන් හසුරුවාලීමට අවැසි ප්‍රඥාව ඔබ තුළම වඩා ගැනීමට එමගින් හැකියාව ලැබෙන බව ඔබට කියා සිටින්නට කැමතියි. තවද ශරීර සෞඛ්‍යට ගැළපෙන පුරුදු හැඩගස්වා ගැනීම ඔබගේ පැවැත්මට ඉවහල්වන අතර ස්වභාවික ආහාර වේලක් සුවපහසු නින්දක් ක්‍රමවත් විවේකයක් වගේම රසායනික නිෂ්පාදන හෙවත් ආහාර සහ ආලේපනයන්ගෙන් ශරීරය පිනවීමට යෑම අනුවන ක්‍රියාවක් බවත් එමගින් ඔබගේ ආයුකාලය එසේ නැතිනම් විශ්වයේ සැරිසැරීමට තිබෙන මනුෂ්‍ය කය ඔබට ඉතා කෙටි කාලයක් තුළ අහිමි වීමට හැකිය. එය තේරුම් ගැනීම එය එසේ නොවීමට ඉඩසකසා ගැනීම ඔබගේම වගකීම බව ඉතා ගැඹුරින් අවබෝධ කරගන්න. එමගින් ඔබට සෞඛ්‍ය සම්පන්න නීරෝගිමත් ජීවිතයක් ලැබීම මගින් ගිහි සතුට කියන දේ යම්තාක් දුරකට හෝ අත්විදීමට හැකිය. තෙරුවන් සරණයි.

සීහෙල පාරම්පරික ස්වභාවික ඖෂධ නිෂ්පාදන

Ceylon Herbalife Oushadhiya Hisathel (ඖෂධීය හිසතෙල්)
See More
🌺 Ceylon Herbalife Hibiscus Hair Oil (වදමල් තෙල්) 🌺
See More

නහමෝ බුද්ධාය, හතරුවන් සරණයි!

ආර්ය සිංහල හෙළයාගේ බෞද්ධ දර්ශනයත් සමග බැදුනු වෙදකම විශ්වාස කරන ඔබට නීරෝගි ජීවිතයක් ලැබේවා!!!
ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං

මෙම ප්‍රතිලාභය අකුරක් නෑර කියවා එය පිලිපැදීමෙන් ඔබ සත්‍ය වශයෙන්ම නීරෝගිවීමට මනා හැකිය. ආර්ය සිංහල වෙදකමේ හෙවත් පාරම්පරික වෙදකමේ සදහන් වෙනවා 'බෙහෙතක් හේතක්' යනුවෙන්. මෙහි පුරාණ කියමනේ තේරුම ඔබ දන්නවද? එනම්, වෙද මහතා විසින් අදාළ රෝගියාගේ රෝගයට ලබාදෙන සියලුම ඖෂධ සහ උපදෙස් බෙහෙතට අයිති වන අතර එය අකුරටම ඔබ විසින් පිලිපැද එය අනුගමනය කිරීම හේත යනුවෙන් හැඳින්වීමට හැකිය. එසේ නම් රෝගයක් සුවවීම සදහා බෙහෙත සහ හේත කියන දෙකම එක සේ වැදගත් බව සිහියේ තබාගන්න. බෙහෙතෙන් ඖෂධීය ගුණයත් හේතෙන් ඉවසීමේ ගුණයත් ඔබ තුළ වර්ධනය වේ නම් ඔබගේ රෝගය සුව කර ගැනීමට අවශ්‍ය ප්‍රත්‍ය හෙවත් පසුබිම ඒ තුළ ඇති බව අවබෝධයෙන් සිහියේ තබාගන්න.
  • ලෝකයේ ලස්සනම දසුන දන්නවද? ඒ තමයි ඉර උදාව. එය බැලීමෙන් ඔබේ සිත, කය එක අරමුණකට ගැනීමට හැකි වෙනවා. පුරුද්දක් වශයෙන් උදෑසන 4.00ට පමණ අවදි වී උදෑසන ඉර උදාව බැලීමට සහ තම දරුවාට එම මනරම් දසුන බැලීමට සැලැස්වීමෙන් දරුවාගේත් ඔබගේත් සිත එක අරමුණකට ගැනීමට හැකි වෙනවා.
  • උදෑසනට කොළ කැඳ වීදුරුවක් බොන්න. දරුවටත් දෙන්න. (යකිනාරං කැඳ, ලුනු කැඳ, කරපිංචා කැඳ, සුදුලුනු කැඳ, කුරක්කන් කැඳ, ආදිය...)
  • උදෑසන 7.00ත් 8.00ත් අතර අව්ව දරුවන්ට වැදගත් වගේම ඔබටත් වැදගත්.

වඩාත් ගුණදායි ආහාර

එළවළු වර්ග

කැකිරි, පොළොස්, බෝංචි, වට්ටක්කා, රාබු, ගෝවා, නෝකෝල්, දඹල, පතෝල, බණ්ඩක්කා, වැටකොලු, කරවිල, මුරුංගා, තුඹකරවිල, කැරට්, බීට්, බ්‍රොකලි, මල් ගෝවා, නෙළුම් අල

පලා වර්ග

නිවිති, සාරණ, තම්පලා, ලුණුවිල, ගොටුකොළ, කිරිඅගුණ, මුරුංගා, කුරුමුරුංගා, නීරමුල්ලිය, පැෂන් කොළ ආදිය....

ඇට සහ අල වර්ග

කව්පි, මුං ඇට, කඩල, සෝයා ඇට, බෝංචි ඇට, ආමන්ඩ් ඇට ආදිය... මඤ්ඤොක්කා, ඉන්නල, නෙළුම් අල, දන්තිල අල, කිරි අල, කටුඅල, ඉගුරල

පලතුරු වර්ග

කටුඅනෝදා, වෙරලු, බිලිං, නමිනං, උගුරැස්ස, ලොවි, දෙලුම්, ලාවුලු, අලිගැටපේර, නෙල්ලි, කාමරංගා, බෙලි, දූරියන්, හිඹුටු, දං, කරඹ, වරකා, වැල, අඹ, කෙසෙල්, පේර, කජුපුහුලන්, සියඹලා, පලු, වීර, ගඩුගුඩා, සැපතිල්ලා, මාදං, මසං, ජම්බු, ජැම්සන්, පැෂන්, වැලිඅනෝදා, කොමඩු, ගස්ලබු, දෙහි දොඩම් වර්ග.

දරුවන්ගෙන් සහ ඔබෙන් ඈත් වියයුතු මාළු පිළි වර්ග

වම්බටු, මෑකරල්, දෙල්, අර්තාපල්, චවුචව්, මාළුමිරිස් ආදිය.... බල මාළු, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, සැමන්, හුරුල්ලෝ, බ්‍රොයිලර් කුකුළු මස්

තෙල් බෙහෙත් අවශ්‍යයි නම් මෙය පුරවා එවන්න

විශ්වයේ ඇති ඖෂධ වර්ග සහ එහි ගුණය

🌿 සේර (Sera) 🌿

See More

🌿 බිං කොහොඹ (Bin Kohomba) 🌿

See More

🌿 කිරිහැන්ද (Kirihenda) 🌿

See More

රසායනිකත්වයෙන් තොර ස්වභාවික ජීවිතයක්.