සුවය ලැබූ දරුවන් සහ වීඩියෝ සාක්ෂි

ස්වභාවික ඖෂධ මගින් සුවය ලැබූ අයගේ සත්‍ය අත්දැකීම් සහ වෛද්‍ය උපදෙස්

සුවය ලැබු දරුවන්
සුවය ලැබු දරුවන්
සුවය ලැබු දරුවන්
සුවය ලැබු දරුවන්

වෙද මහතාගේ අවවාදය

ස්වභාවික ජීවිතයක් ගත කිරීම කියන්නේ බොහොම වැදගත් දෙයක්. එහෙම කියන්නේ දරුවෝ, ජිවියෙක්ට (මනුෂ්‍යෙයක්ට) ආයු කාලය එහෙම නැත්තම් ආයුෂය බොහොම අවබෝධයෙන් කල්පනාවෙන් පවත්වාගෙන යා යුතු දෙයක් නිසා. කය කියන්නේ මෙවලමක්, යන්ත්‍රයක්. යම්කිසි විදියකින් සිත සහ කය හදුනාගැනීමට එහෙම නැතිනම් තේරුම් ගැනීමට නොහැකි වුවහොත් සිත සහ කය දෙකඩ වීමට පටන් ගනී. ඒ කියන්නේ වෙන් වීමට. සිත කියන දේ කයට කිරීමට නොහැකි වීමත් සිත තුළ එන අදහස් ක්‍රියාවට නැංගවීමට අවශ්‍ය බුද්ධිය හට ගන්නා සිතුවිලි ධාරාව සිත තුළ නොමැති වීම සිත කයෙන් කැඩීමට මූලිකම හේතුව වේ. සමහර සිතුවිලි ක්‍රියා කිරීමේදී කය හසුරුවාලීම අවබෝධයකින් යුතුව කර ගැනීමට නොහැකි වුවහොත් කය කැඩීම (කය කැඩීම කියන්නේ මරණයේ ආරම්භය) පටන් ගනී. එයට ප්‍රධානම හේතුව දරුවෝ, දිව පිනවන්න යෑම එහෙම නැත්තම් රසය සෙවීමට යෑම වගේම ඇස පිනවන්න යෑම. අවබෝධ කරගන්න පුතේ, අද වෙනකොට බොන වතුර ටිකේ ඉදන් කන කෑම ටික දක්වා විවිධ රසායනික දේවල් එකතු කරලා දෙන්නේ. ඒ දේවල් දිගින් දිගටම එකම විදියට කළොත් බඩවැල් අසාදනය වෙලා කුමන හෝ පිළිකාවක ආරම්භය හට ගන්නවා. වකුගඩුවේ ඉදන් පටන් ගත්තම ශරීරයේ අභ්‍යන්තරයේ කුමන හෝ තැනක පිළිකාව හට ගැනීම ආරම්භ වෙනවා. ඊට පස්සේ රසායනික ආලේපන භාවිතා කිරීම නිසා ස්නායු ආබාධ ඇති වෙනවා. ජීවිතයේ හොද පුරුදු හොද ගුණ වඩා ගන්නේ නැත්තම් අඩු ආයුෂ කාලයක් ඇතුළත මනුෂ්‍ය ආත්මයෙන් ඈත් වෙන්න සිද්ද වෙනවා. එතනින් එහාට තමන් ගොඩනගා ගත්ත කර් මය අනුව විවිධ ආත්මවල කාලය ගත කරන්න වෙනවා. (යක්ෂ, ප්‍රේත, කුම්භාන්ඩ, නිසාචර ආත්මවල දුක්විදින්න සිද්ද වෙනවා.තිරිසන් ආත්මවල දුක්විදින්න සිද්ද වෙනවා.) අන්න ඒ නිසා ජීවිතයක් කියලා හිතන එක. හොද පුරුදු තුළ ගොඩනගාගෙන සත්‍ය අවබෝධයට මහන්සි විය යුතුයි.

***** තෙරුවන් සරණයි*****

සීහෙල පාරම්පරික ස්වභාවික ඖෂධ නිෂ්පාදන

Ceylon Herbalife Oushadhiya Hisathel (ඖෂධීය හිසතෙල්)

Boosts hair growth and makes hair strong

See More
🌺 Ceylon Herbalife Hibiscus Hair Oil (වදමල් තෙල්) 🌺

<span class="text-danger fw-bold me-2">ප්‍රතිපල ස්ථීරයි!</span> කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්හිගේ හිසකෙස් සහ...

See More

නමෝ බුද්ධාය

සිහෙල බෞද්ධ දර්ශනයත් සමග බැදුනු වෙදකම විශ්වාස කරන ඔබට නීරෝගි ජීවිතයක් ලැබේවා!!!

ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං

මෙම ප්‍රතිලාභය අකුරක් නෑර කියවා එය පිලිපැදීමෙන් ඔබ සත්‍ය වශයෙන්ම නීරෝගිවීමට හැකිය. සිහෙල වෙදකමේ හෙවත් පාරම්පරික වෙදකමේ සදහන් වෙනවා 'බෙහෙතක් හේතක්' යනුවෙන්. මෙහි පුරාණ කියමනේ තේරුම ඔබ දන්නවද? එනම්, වෙද මහතා විසින් අදාළ රෝගියාගේ රෝගයට ලබාදෙන සියලුම ඖෂධ සහ උපදෙස් බෙහෙතට අයිති වන අතර එය අකුරටම ඔබ විසින් පිලිපැද එය අනුගමනය කිරීම හේත යනුවෙන් හැඳින්වීමට හැකිය. එසේ නම් රෝගයක් සුවවීම සදහා බෙහෙත සහ හේත කියන දෙකම එක සේ වැදගත් බව සිහියේ තබාගන්න. බෙහෙතෙන් ඖෂධීය ගුණයත් හේතෙන් ඉවසීමේ ගුණයත් ඔබ තුළ වර්ධනය වේ නම් ඔබගේ රෝගය සුව කර ගැනීමට අවශ්‍ය ප්‍රත්‍ය හෙවත් පසුබිම ඒ තුළ ඇති බව අවබෝධයෙන් සිහියේ තබාගන්න.

වඩාත් ගුණදායි ආහාර

එළවළු වර්ග

කැකිරි, පොළොස්, බෝංචි, වට්ටක්කා, රාබු, ගෝවා, නෝකෝල්, දඹල, පතෝල, බණ්ඩක්කා, වැටකොලු, කරවිල, මුරුංගා, තුඹකරවිල, කැරට්, බීට්, බ්‍රොකලි, මල් ගෝවා, නෙළුම් අල

පලා වර්ග

නිවිති, සාරණ, තම්පලා, ලුණුවිල, ගොටුකොළ, කිරිඅගුණ, මුරුංගා, , නීරමුල්ලිය, පැෂන් කොළ ආදිය....

ඇට සහ අල වර්ග

කව්පි, මුං ඇට, කඩල, සෝයා ඇට, බෝංචි ඇට, ආමන්ඩ් ඇට ආදිය... මඤ්ඤොක්කා, ඉන්නල, නෙළුම් අල, දන්තිල අල, කිරි අල, කටුඅල, ඉගුරල

පලතුරු වර්ග

කටුඅනෝදා, වෙරලු, බිලිං, නමිනං, උගුරැස්ස, ලොවි, දෙලුම්, ලාවුලු, අලිගැටපේර, නෙල්ලි, කාමරංගා, බෙලි, දූරියන්, හිඹුටු, දං, කරඹ, වරකා, වැල, අඹ, කෙසෙල්, පේර, කජුපුහුලන්, සියඹලා, පලු, වීර, ගඩුගුඩා, සැපතිල්ලා, මාදං, මසං, ජම්බු, ජැම්සන්, පැෂන්, වැලිඅනෝදා, කොමඩු, ගස්ලබු, දෙහි දොඩම් වර්ග.

දරුවන්ගෙන් සහ ඔබෙන් ඈත් වියයුතු මාළු පිළි වර්ග

වම්බටු, මෑකරල්, දෙල්, අර්තාපල්, චවුචව්, මාළුමිරිස් ආදිය.... බල මාළු, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, සැමන්, හුරුල්ලෝ, බ්‍රොයිලර් කුකුළු මස්

පහත සදහන් කරුණුකාරනා ගැන ගැඔුරින් හිතලා අවබෝධයෙන් වැඩ කරන්න

සායනික දේවල් හිසට දාන්න එපා
සබන් ෂැම්පු, කන්ඩිෂනර්, හෙයා ජෙල්, ස්ප්‍රේ ආදි මෙම රසායනික දේවල් ඇගට හෝ හිසට දැමීමෙන් ශරීරයේ ස්නායු පද්ධතිය විනාශයකට ලක්වන අතර පිළිකා වැළදීමට ඇති හේතු ප්‍රත්‍ය ඇති බව අවබෝධයෙන් සිහියේ තබාගන්න.

ඔබ නෑමට හෝ මූණ අතපය සේදීමේදී මෙම ස්වභාවික ආලේපන සදා ගන්න. එමගින් සම පිරිසිදු කිරීම සහ ඒ තුළ ඇති විසබීජ විනාශ කිරීමට හැකි අතර රසායනික ආලේපනයන්ගෙන් තොරව ශරීර මතුපිට පිරිසිදු කිරීම ස්වභාවිකම කරගැනීමට ඔබට හැකිය.

මුරුංගා කොළ, අමු කහ, කෝමාරිකා මද, කොහොඹ කොළ, එකට ගෙන අඔරා ශීතකරණයේ තබාගන්න. නෑමට යෑමේදී හෝ අතපය සේදීමේදී භාවිතයට ගන්න. ( සකසා ගැනීමේදී ප්‍රමාණයන් සහ මාත්‍රාවන් නොමැත. අමුකහ වැඩිපුර ගැනීමට හැකි නම් සමෙහි විසබීජ විනාශ කිරීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩිය) සාදාගත් ස්වභාවික සේදුම්කාරකයෙන් වරකට මේස හැදි දෙකක් හෝ තුනක් දිසියකට ගෙන එය හිසේ සිට දෙපතුල දක්වා ආලේපනය කර විනාඩි දෙකක් හෝ තුනක් සිට සෝදා හරින්න.
ැය හයකට වඩා වැඩි සුවපහසු නින්දක් දරුවාට ලබාදෙන්න සහ ඔබට ලබාගන්න.
ක්ෂණික ආහාර ලබාදීමෙන් වැළකී, ඔබද වළකින්න.

එනම්, ගැඹුරු තෙලේ බැදපු ආහාර, රසකාරක එකතු කරන ලද ආහාර, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කළ ආහාර, වර් ණක යොදා තිබෙන ආහාර, මූලිකවම පැකට් කරන ලද ආහාර ලබා දීමෙන් වළකින්න.
වැසි දිනවල තෙලෙනුත්, පායන දිනයන්වල කිරෙනුත් කෑම සකසා ගන්න.
වැසි දිනවලදී ගොරවන හඩත්, අකුණු එළියත් ඔබත්, ඔබේ දරුවටත් බලන්න, අහන්න සලස්වන්න. එමගින් ඇසෙන් සහ කනෙන් මොළය වෙත පණිවිඩ ගෙන යන ස්නායු තියුණු වීමට පටන් ගනී.
වැලි පොළව, මැටි පොළව, තණකොළ, බොරලු පොළව හොදට පාගන්න. දරුවන්ටත් කියලා දෙන්න. එමගින් ස්නායු පද්ධතිය නිසි ආකාරව ක්‍රියා කිරීමට පටන් ගනී.
දුරකතන , රූපවාහිනිය, පරිගණකය යන මෘදුකාංග තුළ වැඩකටයුතු කිරීමේදී සහ දරුවාට ලබාදීමේදී අවබෝධයෙන් සිටීම වැදගත්. එයට හේතුව screen addiction හෙවත් තිරමත ඇබ්බැහි වීම තුළින් ස්නායු පද්ධතිය විනාශ වී යෑමෙන් ඇස් පෙනීමේ දුර්වලතාත්, මානසික දුර්වලතාත් ඇති වීමට ප්‍රධාන වශයෙන් ඉඩකඩ ඇත.
ළගි තෙල් තේ හැන්දක හෝ දෙකක් ප්‍රමාණයක් දිනකට දරුවන්ට ලබාදීමට සහ ඔබද ලබා ගැනීමෙන් බුද්ධි වර්ධනයක් කර ගැනීමට කර ගැනීමට හැකිය. ( you tube ඇතුළු අන්තර්ජාලය භාවිත කර එළගි තෙල්වල ගුණ යනුවෙන් සොයා බැලීමට ඉතා වැදගත්)
හත සදහන් කරුණු සම්බන්ධව ඔබ මනා ගැඹුරු අවබෝධයකින් පසුවන්නේ නම් ඔබේ දරුවාට සහ ඔබට වැළදීමට හැකි පිලිකාව සහ ස්නායු ආබාධ ඇති වීමට හැකි ප්‍රත්‍ය හෙවත් පසුබිම 100%ක් වළකා ගත හැකිය
ඉහත සදහන් කරුණු අවබෝධ කරගෙන ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන්නේ සිහිය බව ගැඹුරින් තේරුම් ගන්න.
තෙරුවන් සරණයි!!!

තෙල් බෙහෙත් අවශ්‍යයි නම් මෙය පුරවා එවන්න

විශ්වයේ ඇති ඖෂධ වර්ග සහ එහි ගුණය

🌿 සේර (Sera) 🌿

See More

🌿 බිං කොහොඹ (Bin Kohomba) 🌿

See More

🌿 කිරිහැන්ද (Kirihenda) 🌿

See More

රසායනිකත්වයෙන් තොර ස්වභාවික ජීවිතයක්.